රුසියාවේ සිට සංචාරකයන් රැගත් අසූර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට

රුසියාවේ සිට සංචාරකයන් රැගත් අසූර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට

ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .

මෙම ගුවන් යානය පිළිගැනීම සඳහා ජල ආචාර පැවැත්වීමටයි කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණේ.

මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිට තිබෙනවා .

එමෙන්ම මෙම අසූර් එයාර් ගුවන් යානා වලට රුසියාවේ එම ගමනාන්ත වෙත ළගා වීමට පැය 09.00 ක කාළයක් ගත වන අතර මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ අප්‍රේල් මස 30 දින තෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි .

මෙසේ පැමිණි රුසියානු සංචාරකයන් පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සෂිකා ඉමාලි , කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ගුවන් තොටුපොළ කළමනාකරු වාසනා කුමාරි , අසූර් එයාර් ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකරු මොරිස් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.