කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ අවිස්සාවේල්ල ලෝ – ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී බෝ ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි නවගමුව පොලීසිය පවසයි.

බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කණු ගණනාවකට හානි සිදුව තිබේ.ඒ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මේ නිසාවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණි .

පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව අතු කපා දැමීමට කටයුතු කරමින් සිටී.