ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙයි

ඔස්ට්‍රේලියානුවන්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙයි

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වෙයි.