හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙම සිසුන් හයදෙනා ඊයේ (14) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයෙන් හරිත කන්ද තරණය කිරිමට ගොස් එදින රාත්‍රිය කදවුරු බැද අද (15) දින ආපසු බගවන්තලාව දක්වා පැමිණෙන අතුරතුරදි හරිත කන්ද මුදුණේදි ඇවිස්සි සිටි බඹරුන් තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් පිරිස කියා සිටියේය.

බඹර කුඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දිම හේතුවෙන් ඇවිස්සි ඇති බඹරුන් එම සිසුන් පිරිසට පහර දි තුවාල සිදු කර ඇති බව පොලිසිය පැවසීය.