කුරුණෑගල ඇතුගල කන්දෙන් පුද්ගලයෙකු ඇද වැටෙයි

කුරුණෑගල ඇතුගල කන්දෙන් පුද්ගලයෙකු ඇද වැටෙයි

කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

එලෙස බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

ඊයේ (19) උදෑසන ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමක් මත කළ සොයා බැලීමකදී අදාළ පුද්ගලයා සොයාගෙන ඇත.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.