අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ටැටූ ෂොප් හිමිකරු ඇතුළු 6 කගෙන් ප්‍රකාශ ගනී

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ටැටූ ෂොප් හිමිකරු ඇතුළු 6 කගෙන් ප්‍රකාශ ගනී

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවක් අතරතුර ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසිය පැවසීය.

ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙනකු පොලීසියට කැඳවා මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වුණ කන්ජි පානී ඉම්රාන් විසින් සිදු කළ බවට සැකයක් මේ වන විට පවතින බවද පොලීසිය පවසයි.