නාමයෝජනා දීමේදී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි

නාමයෝජනා දීමේදී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත භාර­දිය යුතු බව අල්ලස් කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

පනතේ 82 (2) ව්‍යති­රේ­ඛය ප්‍රකා­රව, ඡන්ද විම­සීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැර­කම් ප්‍රකාශ සිදු කළ යුතු බව එම නිවේ­ද­නයේ දක්වා ඇත.

ඒ අනුව, එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා භාර දීමට නිය­මිත අපේ­ක්ෂ­ක­යන් විසින් නාම­යෝ­ජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකාශ ද මැති­ව­රණ කොමි­ෂන් සභාව වෙත භාර දීමෙන් අන­තු­රුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත භාර ගැනී­මට කට­යුතු කරනු ලබන බව ද එම නිවේ­ද­නයේ දක්වා ඇත.

අදාළ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­වල සංස්ක­ර­ණය කරන ලද පිට­පත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උප­ව­ග­න්ති­යට අනුව, අදාළ ප්‍රකා­ශ­වල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොර­තුරු හැර අනෙ­කුත් තොර­තුරු සහි­තව) කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කිරී­මට කට­යුතු කරනු ලබන බව කොමි­ෂන් සභාව වැඩි­දු­ර­ටත් දන්වා සිටියි.