කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වේ.

ඒ, සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම් ලෙසින්.

එමෙන්ම වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායම ද මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ද අපරාජිතවය.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.