අසංක අබේගුණසේකර කටුනායකදී අත්අඩංගුවට

අසංක අබේගුණසේකර කටුනායකදී අත්අඩංගුවට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව, ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන්තොටුපලේදී අද(21) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අසංග අබේගුණසේකර මහතාව ගෝඨාභය ජනපති සමයේදී ආරක්ෂක විද්‍යායතනයෙන් ස්ථාන මාරුකිරීමට කටයුතු කරන ලද අතර, පසුව ඒ මහතා යූටියුබ් වැඩසටහනකදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලදී.

අද අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ .

අසංග අබේගුණසේකර මහතා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයා වේ.