අපරාධයකට ගෙන ආ කඩු 10ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අපරාධයකට ගෙන ආ කඩු 10ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කිසියම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කළුතර නිවසක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිහිකතවත්‍ත ප්‍රදේශයේ පදිංචි 35 සහ 31 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය .

කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේ නිවසක කඩු තොගයක් සගවා තිබෙන බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන ඇතුළු නිළධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇදක මෙට්ටයක් යට සගවා තිබූ කඩු 10 ක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.