කෝටි 21 ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

කෝටි 21 ක හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ ඒකකය සමත් වූ බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් හෙවත් රුපියල් කෝටි 21 කට අධික බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය මතුගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ බවත් ඒ මහතා කීය.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවෙක් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.