ක්ලබ් වසන්ත ඝාතන සිධියට 21හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතන සිධියට 21හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

අදාළ සැකකාරිය අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේදී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු ඝාතනයට ලක් විය.

ගායන ශිල්පීනි කේ. සුජිවා ඇතුළු තවත් සිව් දෙනෙකු එම වෙඩි තැබීමෙන් තුවාල ලැබු අතර ඔවුන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

ඊයේ (20) දිනයේ දී අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී ඇති අතර ඇය අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.