හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පොවන්න හැදූ පියෙක් අත්අඩංගුවට

හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පොවන්න හැදූ පියෙක් අත්අඩංගුවට

තම හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි.

විදේශ ගතවී සිටින සැකකරුගේ බිරිඳ මුදල් නොඑවීම නිසා කෝපයටපත් සැමියා බිරිය සහ පවුලේ අනික් අය බිය වැද්දවීමට මෙලෙස සිදු කර තිබේ.

සැකකරු හුංගම ,බටඅත ප්‍රදේශයේ පදිංචි කම්කරු වෙකු ලෙස රැකියාව කරන අයෙකි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් ඒ වනවිට සැකකරු අධික ලෙස බීමත්ව සිටි බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (25) අඟුණුකොළ පැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර දැරියට වැසිකිළි පිරිසිදු කාරක දියරය පෙවී ඇද්දැයි පරීක්ෂා කිරීම සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.