ගිනිඅවි කම්හලක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනිඅවි කම්හලක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිනිඅවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට යුද හමුදා විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ.

ටී 56 උන්ඩ යෙදිය හැකි ගිනි අවියක් හා අඩක් නිම කරන ලද ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මෙලෙස අත් අඩංගුවට ගත් බව යුද හමුදා තොතුරු වලින් පැවසේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව අත් අඩංගුවට පත් සැකකරු සමඟ ගිනි අවි හා උපකරණ සූරියවැව පොලීසියට බාර දී ඇති අතර සැකකරු හෙට දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.