බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගැසූ පුද්ගලයාට උනදේ

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගැසූ පුද්ගලයාට උනදේ

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසා විනාශ කරමින් ආගම් වලට නිගරු වෙන අයුරින් කටයුතු කල පුද්ගලයෙක් පිළිබඳව වීඩියෝ දර්ශන පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

අඹන්පොල පොලිසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ගල්ගමුව, අඹන්පොළ, සමගි මාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට පවසා ඇත්තේ තමන් මීට පෙර දේවාලයක් පවත්වා ගෙන ගිය අයකු බවත්, තමන් වසර ගණනාවක සිට ඉතා භක්තියෙන් දෙවියන් යැදීම සිදුකළ බවයි.

ඉන් තමාට පිහිටක් හෝ සරණක් නොලැබුණු බවත් මේ හේතුවෙන් මෙලෙස දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.