ආදායම් පරීක්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

ආදායම් පරීක්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු ඊයේ දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා හැටන් නගරයේ පදික වේදිකාව අවහිර වන සේ එලවළු වෙලදාම සිදු කිරිම නිසා පදික වේදිකාවේ පදිකයින්ට ගමන් කිරිමට නොහැකි බව පවසමින් පදිකයින් පිරිසක් හැටන් දික්ඔය නගර සභාව වෙත කරන ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය නගර සභාවේ අදායම් පරික්ෂකවරියට සැකකාර ව්‍යාපාරිකයා විසින් බැන වැද ඇයගේ රාජකාරියට බාධා කර ඇති බවයි චෝදනාව.

අදායම් පරික්ෂකවරියගේ සහයට නගර සභාවේ රජයේ වාහන වලින් එම ස්ථානයට ගිය සේවකයින් පිරිසකටද සැකකාර ව්‍යාපාරිකයා පහර දිමට තැත්කර එම සේවකයින් පිරිසට බැන වැද නගර සභාවේ වාහන වලට පහර දුන් බව පවසමින් හැටන් පොලිසිය වෙත පැමිණිලි පහක් සිදු කර තිබුණා.

සැකකාර ව්‍යාපාරිකයා මින් ඉහත අවස්ථා කිහිපයකදි මෙවැනි කලහකාරි සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර ඇති පුද්ගලයෙක්.