පුපුරන ද්‍රව්‍ය සමග දඹුල්ලේදී පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට

පුපුරන ද්‍රව්‍ය සමග දඹුල්ලේදී පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

විදුලි ඩෙටනේටර් පහළොවක් ඇමෝනියන් ග්‍රෑම් පන්සියයක් පුරණ ද්‍රව්‍ය පිරවූ ජෙල් කරලක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් ද සොයා ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා සඳහන් කළේය.

දඹුල්ල නගරයේ කැකිරාව බස් නැවතුම්පොළ අසල සිවිල් ඇඳුමෙන් රැඳී සිටිම පොලිස් නිලධාරින් කිහිප දෙනකුට මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳව සැකසිතී පරික්ෂා කිරීමේදී මෙම පුපුරන්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබෙ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රත්නපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි 43 සහ 33 වයස්වල පසුවන අය බවත් පොලිසිය කියයි.

මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කොට ඇත්තේ දියබෙදුම ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනීමට ගලක් පුපුරවා හැරීම සඳහා මේවා රැගෙන එන බවය.

කෙසේ වෙතත් ඔවුන් කරන ප්‍රකාශය සනාථ කර ගැනීමට තරම් සාක්ෂි නොමැති බවත් දඹුල්ල නගරයේ ඉදිරි දින කිහිපයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන මහජන රැළි කීපයක් පැවැත්වීමට නියමිත තිබෙන නිසාවෙන් ඇතැම් විට මේවා ජනතා රැස්වුන ස්ථානවල කුමන හෝ අපරාධයක් සිදු කිරීම සඳහා රැගෙන ආවේ දැයි යන්න බරපතළ සැකයක් මතුවන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා පිළිබඳව කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම ක්‍රියාත්මක කරන බව දඹුල්ල පොලිසිය පවසයි.

මෙම විදුලි ඉඩටනේටර් 15 මගින් විනාශ කාරී බෝම්බ 15 ක් නිපදවීමට හැකියාව තිබෙන බවද මෙම පුද්ගලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කිරීමට අවශ්‍ය බවත් කුමන කාරණයක් සඳහා මේවා රැගෙන ආවේදයක්ද අනාවරණය කර ගැනීමට හැකියාව ඇතැයි පොලිසිය විශ්වාසය පළ කර සිටියේය.