ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා හමුවෙයි

ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා හමුවෙයි

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනා අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15) සොයා ගත් බව පොලීසිය පවසයි.

මෙසේ පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි.

අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම් ලැබෙන බාල වයස්කාර දැරිවියන් රදවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට දැරිවියන් 22ක් රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙලෙස පලා ගොස් තිබේ.

ඊයේ( 14) දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිගන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් වන අතර දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වන බව පොලීසිය පවසයි .