සජීවී අසභ්‍ය දර්ශන චීනෙට අලෙවි කළ ජෝඩු දෙකක් අත්අඩංගුවට

සජීවී අසභ්‍ය දර්ශන චීනෙට අලෙවි කළ ජෝඩු දෙකක් අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට විකිණීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි යුවළ දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් එම සජීවී දර්ශන යොමු කිරීම මඟින් මහා පරිමාණයෙන් මුදල් උපයා ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

පිළියන්දල, බටකැත්තර, කෝගහවත්ත පාර දෙවන පටුමග ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 22,23,26,27 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් එක් තරුණ යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි පාවිච්චි කරන බව පොලිසිය පවසයි.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු, අයිස් කැප් මුහුණු ආවරණයක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදාගන්නා රබර් උපකරණයක්,ආලෝක කරන ෆ්ලැෂරයක්, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ දෙක කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.