ග්‍රෑන්ඩ්පාස් අයියා, මලෝ ඝාතනයට 08 අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් අයියා, මලෝ ඝාතනයට 08 අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පසුගිය 15වැනිදා තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් ඊයේ (16) දින පස්වරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැකකරන මන්නා පිහි 02 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

COMMENTS