විදෙස් දුම්වැටි තොගයක් ගෙන ආ කතක් ගුවන්තොටේදී අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් ගෙන ආ කතක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක පමණ වෙළඳපොල වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ගුවන් තොටුපලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ කළ පරීක්ෂාවක දී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වනේ.

ඇය ජා – ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි , විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවකි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 36,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 184 ක් සගවා ගෙන සිටියදී, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය පොලිස් ඇප මත මුදාහැර ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.