ජාජබ සාමාජිකයකුට කඩු පහර දීමේ සිද්ධියකට සජබ ආධාරකරුවෙකු අත්අඩංගුවට

ජාජබ සාමාජිකයකුට කඩු පහර දීමේ සිද්ධියකට සජබ ආධාරකරුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.

තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදුවී තිබෙන බවත් මිනුවන්ගොඩ පවසයි.

තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැණ වැදී ඇතැයි කියන සැකකරු මල් පෝච්චි කිහිපයක් ඔසවා පොළොවේ ගසා පසුව කඩුවෙන් පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.