ආපදා මරණ ගණන ඉහළට

ආපදා මරණ ගණන ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05කුත්, මාතර ප්‍රදේශයෙන් මරණ 04කුත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03 කුත් මේ වනවිට වාර්තා වී ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 2,313කට අයත් පුද්ගලයින් 23,707 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවතා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එකතුවෙමින්.

Share This