ඇමති ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම් අභවප්‍රාප්ත වේ

ඇමති ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම් අභවප්‍රාප්ත වේ

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ ඔහු අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

අවසන් කටයුතු ගම්පහ උඩුගම්පොලදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ලක්හඩ ගුවන් විදුලිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක සේවය කල ප්‍රදීප් අනුරකුමාර මහතා වෙළද හා වාණිජ කටයුතු ජලසම්පාදන නාගරික සංවර්ධන ඇතුළු අමාත්‍යංශ කිහිපයක මාධ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබෙනවා