අනුරාධපුර වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි

අනුරාධපුර වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදුකළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයාගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භා යාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.