මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්

මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්

ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සෑම ස්ථානයකම ජාතික ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන බවත්, මේවා ඉදිකරන්න ඔවුන්ට මුදල් කොහෙන්ද යන්න සොයා බලා කටයුතු කරන ලෙසත්, ඉල්ලා මෙසේ මැතිවරණ කොමිසම වෙත ලිපිය බාර දී තිබෙන බව පැවසෙනවා.

එසේ ස්ථානයක් කුලියට ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් දහදාහක මුදලක් වැය වෙන බවට ඔවුන් විසින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඡන්ද ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ කළු සල්ලි භාවිතා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියා