අනුරගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ දෙදෙනෙක්ට අධිකරණයෙන් දඩ

අනුරගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ දෙදෙනෙක්ට අධිකරණයෙන් දඩ

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් දෙදෙනකුට රුපියල් තුන් දහසක දඩ නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය.

ඒ, කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මැතිවරණ කොමිසමේ නිලධාරියකු කළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තම පොලිස් වසම තුළ අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවය.

අධිකරණයේ පෙනී සිටි නාරාහේන්පිට හා වැල්ලවත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් විසින් වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 1500 බැගින් දඩ නියම කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.