කාන්තාවන් සහ පිරිමි අනියම් සබඳතා වලට යොමුවීම ගැන පොලීසියෙන් අනාවරණයක්

කාන්තාවන් සහ පිරිමි අනියම් සබඳතා වලට යොමුවීම ගැන පොලීසියෙන් අනාවරණයක්

අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී (2023) දස දහස්, හාරසිය අටක් (10408) වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

2022 වර්ෂයේ දී මෙරට අනියම් සම්බන්ධතා නිසා ඇතිවුන පවුල් ආරවුල් 9636ක් වාර්තා වී තිබුණි.

ඒ අනුව, 2022 වසරට වඩා 2023 වර්ෂයේ දී අනියම් සම්බන්දතා නිසා සිදුවී ඇති ආරවුල් සංඛ්‍යාව 772 කින් වැඩිවී ඇත.

ඉකුත් වර්ෂයේ දී රටේ සමස්ථ පවුල් ආරවුල් එක්ලක්ෂ, දහතුන් දහස් එකසිය අසු අටක් (113188) වාර්තා වී ඇත.

2022 වර්ෂයේ දි පවුල් ආරවුල් එක් ලක්ෂ, එකොළොස් දහස්, හත්සිය නවයක් (111709) වාර්තා වී තිබුණි.

2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී පවුල් ආරවුල් 1479කින් වැඩිවී තිබෙන බව පෙනී ගොස් ඇත.

එමෙන්ම පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් හිරිහැරවීම, නොසැලකිම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දී පැමිණිලි විසිදෙදහස් පන්සිය අසුහතරක් (22584) ක් වාර්තා වී ඇත.

ඒ අනුව, 2022 වර්ෂයට සාපේක්ෂව, 2023 වර්ෂයේ දි අනියම් සම්බන්දතා, පවුල් ආරවුල්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි වැඩිවී තිබේ.

මෙම පැමිණිලි වලින් සියයට 90කට වඩා වැඩි සංඛ්‍යාවක් විසඳා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.