ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා.
ඒ අනුව අද මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් වූණා.
ඒ අනුව දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.