හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙම මස 30 වැනිදාට පෙර එම හිඟ මුදල් ගෙවිය යුතු බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හිඟ බදු ගෙවීමට සිටින සමාගම් සංඛ්‍යාව, 10 කට ආසන්න වන අතර ඔවුන් රුපියල් බිලියන 8.5 ක මුදලක් ගෙවීමට ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

2023 – 2024 කාලසීමාවේ පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය, රුපියල් බිලියන 1.8 කට ආසන්න වේ.

මෙම මස 30 වැනිදාට පෙර එම මුදල් නොගෙවන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.