අකුරණ විශාල ගින්නක් – මහනුවර – මාතලේ මාර්ගය වසා දමයි

අකුරණ විශාල ගින්නක් – මහනුවර – මාතලේ මාර්ගය වසා දමයි

අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වු ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය මේ වන විට තාවකාලික වසා දමා ඇතැයි පොලීසිය පවසයි.

අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බවයි, පොලිසිය පැවසුවේ.

මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය සහ පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගනිමින් සිටින අතර මේ වන විට තෙමහල් ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශවී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවයි, පොලීසිය පැවසුවේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

Share This