ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත් වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලට එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නා.