ගුවන් ගමන් පාලකවරුන් 80 ක් රට හැර ගිහින්

ගුවන් ගමන් පාලකවරුන් 80 ක් රට හැර ගිහින්

වැටුප් ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80ක් පමණ රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

රජයේ මැදිහත් වීමෙන් මේ වනවිට එම ගැටලුව නිරාකරණය කර තිබෙන බවයි, එහි සභාපති අතුල ගල්කෙටිය මහතා පැවසුවේ.

ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත්, මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් බඳවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

එම පිරිස් පුහුණු කර රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවත්, තවත් කණ්ඩායමක් සඳහා අයැදුම්පත් කැඳවා තිබෙන බවත් අතුල ගල්කෙටිය මහතා සඳහන් කළේ ය.