ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්

ලොව ප්‍රථම මිස් AI රූ රැජින මොරොක්කෝවෙන්

ලොව ප්‍රථම මිස්. ඒ අයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය.

කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත.

මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව සිදුකළ ස්තුති කතාවද කෙන්සා කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කළාය.

කිරුළ සමඟ ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක ත්‍යාගයක්ද හිමිවූ අතර ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම සංවිධායකයන්ගේ වෙබ් අඩවියේ පළ කිරීමටද අවස්ථාව ලැබුණාය.

කෙන්සා ලේලිට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 200,000 සිටින අතර ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 45,000 සිටී.

කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නිර්මාණ සිදු කරන නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය පැවැත්වූවේය.

කෙන්සා ලේලි චරිතය ෆීනික්ස් ඒ.අයි නිර්මාතෘ මිරියම් බෙසා විසින් නිර්මාණය කරනු ලැබුවාය.

මෙම තරඟයේ අනුශූරතාවන් ප්‍රංශයේ ලලීනා වැලීනා සහ පෘතුගාලයේ ඔලිවියා සී කෘතිම බුද්ධි තරඟකාරිණියන් දිනා ගත්තාය.

කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය සඳහා තරඟකාරිනියන් 1500 ක් පමණ ඉදිරිපත් වූ අතර ඉන් අවසන් 10 දෙනා සංවිධායකයන් විසින් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

ෆෑන්වූ ඒ.අයි විසින් මෙම රූප රාජිණි තරඟය සංවිධානය කළේය.