ඇෆ්ගනිස්තානයෙන් දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයෙන් දකුණු අප්‍රිකාවට පහසු ඉලක්කයක්

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පූර්ව වටයේ පළමු තරඟය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 56ක් රැස්කළේය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 10ක් රැස්කළේය.

එඉදී වෙනත් කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය ඉඩ දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Marco Jansen සහ Tabraiz Shamsi කඩුලු 03 බැගින් දවාගත්හ.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 57ක පහසු ඉලක්කයක් හිමිව තිබේ.

Share This