“AERO BASH 2024” අභිමානවත්ව ඇර‌‌‌ඹෙයි

“AERO BASH 2024” අභිමානවත්ව ඇර‌‌‌ඹෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුර විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුරු පරිශ්‍රයේදි ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙම ප්‍රදර්ශනයේදී ගුවන් හමුදාව විසින් නැගෙනහිර පලාතේ ප්‍රථම වතාවට “ටැන්ඩම් ඡම්ප්ස්” (Tandem Jump) ත්‍රාසජනක ක්‍රිඩාව සිදුකිරිමට නියමිතව අතර ඒ සදහා ත්‍රාසජනක ක්‍රිඩා සදහා විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයන් සදහා මෙන්ම දේශිය හා විදේශික සංචාරකයන් සදහාද ඒම අත්දැකිම ලබාගැනිමේ අවස්ථාව සලසා දි ඇති අතර පැරිෂුට් සංදර්ශන, සරඔ සංදර්ශන, ගිනි නිවිමේ නිදර්ශනාත්මක සංදර්ශන, හදිසි මුදවා ගැනිම් පිළිබද නිදර්ශනාත්මක සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුලු ක්‍රියාකාරකම් රැසක් මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ දි ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කර තිබිණි.

මේ සදහා දිවයිනේ සියලුම රඡයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් මෙන්ම ව්‍යාපාරික ආයතන, තාක්ෂණික ආයතන ඇතුලු අංශයන් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි රැසක් ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රදර්ශනය 2024 අගෝස්තු මස 22 වන දින සිට 26 වන දින දක්වා සෑම දිනකම සවස 03.00 ට ආරම්භ වන අතර පස්වරුවේ වෙළද ප්‍රදර්ශන ඇතුළුව සියළු දෙනාගේම විනෝදාශ්වාදය වෙනුවෙන් සංගිත ප්‍රසංග ඇතුලු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට ගුවන් හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.