මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික කොඩිය සහ ආගමික සංකේත තහනම්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික කොඩිය සහ ආගමික සංකේත තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම පවසයි.

එලෙස, ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබිණ.

මේ අතර ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

තවද ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.