ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පතක්

ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

වැදි ජනයාට වනාන්තර වලට ඇතුළු වී වනයේ සම්පත් වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඒ රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමිනි.

ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.