A9 මාර්ගයේ බිහිසුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

A9 මාර්ගයේ බිහිසුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

මාන්කුලම් පොලිස් වසමේ මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නවත්වා රියදුරු සහ එහි සිටි මගීන් කිහිපදෙනෙකු බස් රථයෙන් බැස එය අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිට තිබේ.

එහිදී එම දිසාවෙන්ම පැමිණි ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ආපදාවට පත් බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු සහ මගීන් කිහිපදෙනෙක් අනතුරට ලක්ව තිබේ.

බරපතල තුවාල ලැබු බස් රථයේ රියදුරු හා මගීන් කිහිපදෙනෙකු ඊයේ (25) රාත්‍රීයේ ම මානකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දී තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයේ රියදුරු හා මගියෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසුවා.

අනතුරින් අවුරුදු 39ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ බස් රථයේ රියදුරු හා අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

Share This