දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක් මං තීරුවක් අවහිර වෙයි

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක් මං තීරුවක් අවහිර වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 88.9 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ටයර යුගලයක හුලං යෑමත් සමග රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ලොරි රථය මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන ලෙස පෙරලීයෑමෙන් අද(19) අලුයම සිදුවූ අනතුරකින් වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබේ.

අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කොළඹ දෙසට ධාවනය වන මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බව ද වාර්තා වේ.