රියදුරුගේ දස්කමින් සිදු වීමට ගිය මහා විනාශයක් වැළකෙයි

රියදුරුගේ දස්කමින් සිදු වීමට ගිය මහා විනාශයක් වැළකෙයි

බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වූ බස් රථයක් රාවනා ඇල්ල ප්‍රදේශයේදී තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එහිදී තිරිංග ක්‍රියා විරහිත වූ බස් රථය මාර්ගය අසල ඇති පස් කන්දක ගැටීමට සලස්වමින් සිදු වීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට රියදුරු සමත්ව තිබේ.

රියදුරු එසේ සිදු නොකලානම් බස් රථය අධික ප්‍රපාතයකට පෙරළීගොස් විශාල අනතුරක්වීමට ඉඩ තිබුණි.

අනතුරෙන් රියදුරු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

May be an image of 2 people, van, road and text