රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට – තවත් අයෙකුට බරපතලයි

රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට – තවත් අයෙකුට බරපතලයි

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී මෝටර් රථයක රියදුරාට නින්දයෑමත් සමග මාර්ගයේ වම්පස ඇති බොක්කුවේ ගැටී දකුණුපසට හැරවී හොස් මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝදරථයක ගැටීමෙන් අද(01) දහවල් සිදුවූ අනතුරකින් මාර්ගයේ පසෙක වෙලාදාමේ නිරත වූ පුද්ගලයකු මියගොස් ත්‍රිරෝදරථයක පැමිණි අයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල හල් වතුර ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ පෝරුව දණ්ඩ අරුණගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් ආරම්භ කිරීමේ කටයුතුවල නියැලෙමින් සිට ඇති අතර ඔහුට දහවල් ආහාර පාර්සලයක් රැගෙන ඔහුගේ පෙම්වතිය ඇයගේ පියා සමඟ තීරෝද රථයකින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබු අනෙක් පුද්ගලයා ඔහුගේ පෙම්වතියගේ පියා බව පොලීසිය කියයි.