5ක් රෝහලට යැවූ බස්රථ අනතුර – ධාවනය වෙමින් තිබු බසයේ සුක්කානම ගැලවී අතට ඇවිත්

5ක් රෝහලට යැවූ බස්රථ අනතුර – ධාවනය වෙමින් තිබු බසයේ සුක්කානම ගැලවී අතට ඇවිත්

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ බස් රථය හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවීයාම හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී අනතුර සිදුව තිබේ.

ඇල්ල පොලිසිය පැවසුවේ, මෙම අනතුර හේතුවෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බවයි.

අනතුර වන අවස්ථාවේ බස් රථය තුළ මගින් 18 ක් පමණ සිට තිබෙනවා.

කෙසේ නමුත් මෙම අනතුරින් බස් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.