ට්‍රැක්ටර් රථ දෙකක් එකිනෙක ගැටී තරුණයෙක් මරුට

ට්‍රැක්ටර් රථ දෙකක් එකිනෙක ගැටී තරුණයෙක් මරුට

මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි .

අද (20) අළුයම 2.20 ට පමණ අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මැදවච්චියේ සිට අම්පාර ප්‍රදේශයේ ගොයම් කැපීම සදහා යමින් සිටි එකම දිශාවට ගමන් කරමින් තිබූ ගොයම් කපන මැෂින් පටවා ගත් ට්‍රැක්ටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ එක් යන්ත්‍රයක ගමන් ගත් විසි හය හැවිරිදි ඉහල මල්ගස්වැව,පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

එළවනවා කන්දේ බෑවුම ප්‍රදේශය මෙම යන්ත්‍ර දෙක පටවා ගත් ටැක්ටර් රථ දෙක ගමන් කිරීමේදී එක් යන්ත්‍රයක ඇති වූ කාර්මික දෝෂයක්හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනික් යන්ත්‍රය ගැටීමෙන් පහළ බෑවුම් ප්‍රදේශයට ධාවනය වී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

May be an image of jeep, golf cart, all-terain vehicle, motorcycle and text that says 'Hayleys 1h Acciden THE EADERIN ACCIDENT REPORTING'

May be an image of 6 people, motorcycle, road and text

May be an image of 3 people, all-terain vehicle, golf cart, jet ski and text

Share This