මැල්සිරිපුර මාරක අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට – 8ක් රෝහලට

මැල්සිරිපුර මාරක අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට – 8ක් රෝහලට

මැල්සිරිපුර – කොස්කැළේ පන්ලියද්ද ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින්, එක් බස් රථයක රියදුරු මියගොස් තිබෙනවා.

අද (17) අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි මැල්සිරිපුර පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.