
මාලිමා මන්ත්‍රී ෆයිසාල් රැගත් රියේ පුද්ගලයෙක් ගැටී මරුට
ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් සිටි රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී වෙන්නප්පුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇති බවයි.
මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ සොහොයුරා වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

