දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක් මංතීරුවක් අවහිර වෙයි

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක් මංතීරුවක් අවහිර වෙයි

දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුවී තිබෙනවා.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී අනතුරක සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැකියි.

මේ සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This