මහනුවර – යාපනය A 09 මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

මහනුවර – යාපනය A 09 මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර – යාපනය ඒ – නවය මාර්ගයේ තිබී අද (23) සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

තිරප්පනය පොලිස් වසමේ ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත් අතර ප්‍රදේශයේ දී මෙම මළ සිරුර හමුව ඇත.

පොලීසිය පැවසුවේ, අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණු රත්න මුදියන්සේලාගේ සුරවීර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකු මෙලෙස මියගොස් ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයා මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත්, ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

ඔහු මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගමන් කිරීමේදී ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූයේද, නැති නම් පාරේ ගමන් කළ වාහනයක ගැටී ජීවිතක්ෂයට පත් වූයේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.