දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

දුම්රිය සේවකයන්ට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම අවසර පත්‍රය ලබාදී ඇති අතර ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙමගින් දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ තත්ත්වයට ගෙන ඒමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.

මේ හරහා රටේ ආර්ථිකයටද යම් බලපෑමක් කිරීමට හැකි වෙතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.