උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ලබන මස 10 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කිරීම සිදු කළ හැකි අතර, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් ජංගම දුරකථන යෙදවුමෙන් මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකි අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගත හැකි බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

Share This